sdyxm
ෆොරෙක්ස් ට්‍රේඩින්වල නිතර ඇහෙන වචන සෙට් එකක් තියනව.අපි බලමු ඒ වචන සහ එහි තේරුම විස්තරාත්මකව.
1 Leverage : forex account එකක් open කරන්න යද්දි අපෙන් අහනව අපට අවශ්‍ය leverage එක කොපමනද කියල. ඉතින් අපි දැනගනිමු leverage එක කියන්නෙ මොකද්ද කියල.
අපි ගනුදෙනු කරන්න යන්නෙ ලෝකෙ තිබෙනෙ විශාලම වෙලදපොලේ කියල කිවුවනෙ කලින්.ඉතින් ඒකෙ ගනුදෙනු කරන්නෙ ඩොලර් ලක්ෂ කෝටි ගනනින් .නමුත් අපිට පුළුවන්ද ඒ වගෙ සල්ලියක් දාන්න .බෑනෙ නේද .අන්න එතනදි තමා අපිට leverage එකයි,බොර්කරුයි වැදගත් වෙන්නෙ.මොකද Broker තමා අපිට ඒක දෙන්නෙ.
බලමු දැන් මාතෘකාව
බලමු මේ forex trading Leverage එකෙන් මොනාද සිද්ද වෙන්නේ කියලා
හිතන්න දැන් මිළ EUR/USD 1.2000
බලමු දැන් අපිට EUR/USD Lot එකක් ගන්න කොපමාණ මුදලක් වැය වෙනවද කියලා.
100,000 *1.2000 = 120, 000USD
මෙච්චර ගාණනක් අපිට වැය කරන්න බෑනේ. ඔබට මතක ද Real account එකක් Open කිරිමෙදි තියනවා Leverage කියලා එකක්.
එහෙමනම් ඔබට මතක ඇති අපි යොදා ගත් අගය එය 1:500, තව 1:100,1:400 වගේ අගයනුත් තියනවා.නමුත් ආරක්ෂාකාරි අගයක් ලෙස 1:500 අගය තමයි .. හරි අපි බලමු Leverage මගින් අපිට වාසිය අත් වන අන්දම.
1.2000*100,000 =120,000 USD
Leverage කළ විට (1:500)
120,000 / 500 =240 USD
Leverage කළ විට අපිට EUR/USD , Lot එකක් මිලට ගන්න 240 USD අවශ්‍ය වෙනවා .
Leverage කලත් අපිට Lot එකක් ගන්න බෑ වගේ නේද ? ඇයි $ 240ක් අවශ්‍ය වෙනවාLot එකක් ගන්න. බය වෙන්න එපා ඒකටත් විසදුමක් තියනවා.
Lot එකක් ගන්න ඔනි නෑ.
Trade එකක් Open කරදි තියෙන්නේ Volume 0.01,0.02,0.03 ආදී වශයෙන් .
අපිට පුලුවන් අවමය 0.01 Lot ප්‍රමාණයක් ගන්න
දැන් අපි මුල ඉදන්ම බලමු අපිට Trade එකක් දාන්න කොපමණ මුදලක්අවශ්‍ය වෙනවද කියලා
1.2000*100,000=120,000USD (Lot එකක මිල කල Leverage කිරීමට පෙර)
Leverage කළ විට (1:500)
120,000 / 500 = 240 USD ( Lot එකක මිල කල Leverage පසු)
අපි Lot එකකින සීයෙන් පන්ගුවක්( 0.01) ගන්න නිසා ඒ සදහා වැය වන මිළ
240/100=2.4 USD
ඒ කියන්නේ අපිට Volume 0.01 යටතේ Trade එකක දාන්න අවශ්‍ය වන්නේ 2.4 USD වැනි සුලු මුදලක්.
ඉතින් ඔබට පෙනෙනවා නේද දැන් 300USD වගේ මුදලකින් අපි කොහොමද Forex වල Trade කරන්නේ කියලා.
1:500 Leverage කියන දෙයින් හරියටම වෙන්නේඅපි විසින් යොදනු ලබන සෑම ඩොලර් එකකටම තවත් ඩොලර් 499 ක් එකතු කර 500 ක් බවට පත් කිරිමයි.
2 LOTS : Forex වලදී අපිට ඉතාම වැදගත් දෙයක් තමයි Lot size/Volume ( volume කියල තමා MT4 Software එකේ පෙන්නන්නෙ) කියලා කියන්නේ.
අපි දන්නවා බර කිරන්නේ Kg ,g වලින්. දුර මනින්නේ Km ,m , cm ද්‍රව මනින්නේ L,ml වලි න් එය සම්මතයක්. .ඒ වගේම තමයි Forex වලත් යම් යම් සම්මත ඒකක තියනවා.
අපි Forex කරන විට යම් කිසි මුදල් ඒකක ප්‍රමාණයක් මිළට ගන්න ඔනි වෙනවා.
ඒ සදහා අපිට Lot යන සම්මත ඒකකය ඉදිරිපත් කරලා තියන්වා
Lot වර්ග කිපයක්ම තියනවා හරියට Km,m, cm,mm වගේ. ඒවා තමයි තව Standard, Mini Lot , Micro Lot , Nano Lot හරි මේ ටික බලන්නකෝ.
3 Margin
margin කියන්නෙ මොකද්ද කියල දැන් බලමු. leverage කියන කොටසෙන් අපි ඉගනගත්ත trade එකකට අපිට කොපමන මුදලක් යනවද කියල .ඒ යන මුදල අපේ Account balance එකෙන් අඩු කරල පෙන්නන එකට තමා Margin කියන්නෙ.
තේරුම් ගන්න පහසුවෙන්න මම demo account එකක් open කරා .ඒක කරේ 1:500 leverage එක යටතෙ .මේක ඩොලර් 3000 තියන එකක් (ඊට අඩු ඒව ගන්න පුලුවන්. ඒකට Broker Company එකක් එක්ක සම්බන්ද වෙන්න ඕන)
account එක open කරගත්තම පහල රූපයෙ විදියට තමා පෙන්නන්නෙ.අපි මුකුත් trad දාල නෑ තාම.
Margin එකත් එක්කම එතන පෙන්නන අනිත් ඒවගින් අදහස් වෙන දේවලුත් දැනගන්මු.
අපි 0.01 EURUSD යන Currency pair එකෙන් Trad එකක් Open කරමු.
පහත රූපය බලන්න.
Eurusd 0.01 එකෙන් Trad එකක් open කරාම එක 2.28 $ යනව .(මේ ගාන වෙනස් වෙනව.ඇයි ඒ කියල Leverage වලින් කියල දුන්න ) එකෙන් 2.28 අඩු උනාම එන ගාන 2997.66 . අඩු වෙලා ඉතුරු වෙන ගානට කියනවFree margin කියල.
Equity කියන්නෙ අපි Trad එකක් open කරාම ඒක loss හරි Profit හරි යන ගාන අපේ Balance එකට එකතු කරල පෙන්නන එකට.ඒ කියන්නෙ ඉහත රූපයෙන්ම් ගත්තොත් 0.38 ලාබයක් ( profit ) එකක් දැනට ලැබිල තියෙනව.ඒක එකතු කරාම 3000.38 වෙනව.ඒක තමා equity යටතෙ පෙන්වන්නෙ.
Balance : account එකෙ පවතින මුලු මුදල.අපි deposit කරාම ඒ කියන්නෙ මුදල් තැන්පත් කරාම ඒක පෙන්වන්නෙ ඔතන.ඕක වෙනස් වෙන්නෙ අපි trad එකක් close කරාම .අපි ලාබයක් අරගෙන close කරොත් balance එක වැඩිවෙනව .අලාබ පිට trad එක වැසුවොත් balance එක අඩු වෙනව.
margin : යොදා ඇති Trad වල වටිනාකම
Free margin : යොදා ඇති Trad වල වටිනාකම අඩු කල විට තත්වය
Margin Level : යොදා ඇති Trad වල ප්‍රතිශතයක් විදියට පෙන්නනව.
මේක හදන විදියත් දැනගන ඉන්න එක හොදයිනෙ.
ඔබෙ equity ( equity කියන්නෙ මොකටද කියල දන්නවනෙ)
එකෙන් margin එක බෙදනව.ඊට පස්සෙ එම එන ගාන වැඩි කරනව 100 එතකොට එනව margin level එක.
පහත රූපයෙන් බලන්න.
ඉහත රූපයෙ විදියට අපි ගනන් හදල බලමු
Equity : 3000.04
Margin : 12.73
3000.04 / 12.73 × 100 =
මෙය 50% වඩා අඩු වූ විට Account එක System එකෙන්ම loss වීමට පටන්ගන්නවා.ලොස් වෙන්නෙ මේ වන විට ඇති ලොස් වැඩිම Trad එකෙ සිටයි.
උදා : අපි හිතමු Trad 5 දාල තියනව කියල. ඒව මේ විදියට ලොස් කියල හිතමුකො.
1 60$
2 50$
3 40$
4 30$
5 20$
Margin Level 50% වඩා අඩු උන ගමන් වැඩිම loss එකෙ ඉදන් (මේ වන විට තියෙන්නෙ 60$) Close කරල බලනව 50% උඩින් එක තියනවද කියල.එහෙමත් නැතිනම් ඊලගට තියන 50$ Close කරනව.
මේ විදියට තමා Account එක Loss වෙන්නෙ.
( Margin Level 500% මට්ටමේ තබාගැනීමට උත්සාහ කරන්න .එහෙම කරොත් Account එක Loss නොවි කරගෙන යාමට පුලුවන්.එහෙම කරන්නෙ කොහොමද කියල ඉස්සරහ පාඩම්වලින් බලමු.)
4 Pips : Forex market එකෙ නිතර ඇසෙන වචනයක් තමා Pips කියල කියන්නෙ .අපි ලොකු ගනන් වලට කියන්නෙ මිලියන මෙච්චරයි කියල. ඒ වගේ තමා Forex market එකෙත් මේ ගනන් වලට හදුන්වන නම තමා pips කියල කියන්නෙ.
අපි eurusd currency pair එක බලමු .1.22903 එකෙදී මුල් දශම ස්ථාන අංක 4 තමා pips කියල ගනන් ගැනෙන්නෙ.5 වෙනි දශමස්තානයට කියන්නෙ pipette
අපි දැන් Software එකෙ ගොඩක් දේවල් දන්නව .Software එකෙ තියන තවත් දේවල් ගැන විස්තරාත්මකව බලමු.
Stay On Top Of The Loop With All The Latest Updates