sdyxm
දැන් අපි දන්නවනෙ ගනුදෙනුවක් open කරන්න .එම ගනුදෙනුව දාන්න පුලුවන් තව ආකාරයක් ගැන කියල දෙන්න තමා දැන් සූදානම් වෙන්නෙ. එම ගනුදෙනු යොදන ක්‍රමයට කියනව Pending Order කියල.
Pending Order
අපිට හැම වෙලාවෙම Software එක දිහා බලාගන ඉන්න බෑනෙ.ඒකට විසදුමක් වශයෙන් තමා Pending Order කියන Trading System එක ඇවිල්ල තියෙන්නෙ.
මෙම ක්‍රමය යටතෙ අපිට පුලුවන් ක්‍රම 4 කට ගනුදෙනු යොදන්න.
දැන් අපි දන්නවනෙ Buy කියන්නෙ උඩට යනවට. Sell කියන්නෙ පහලට යනවට කියල.
උඩට යද්දි උඩින් ගනුදෙනුව දාල තියන වගේම පහලට යද්දි පහලින් ගනුදෙනුව දාල තියන්න පුලුවන්. මේකට කියන්නෙ Stop Trading ක්‍රමය
අපිට ඕන උඩට යන එකක් ඒත් මේක යන්නෙ පහලට අපි පහලින් දාල තියනව මෙතනින් හැරෙයි කියල අනුමාන එකක් එහෙම හැරෙයි කියල දාල තියන ඒවට කියන්නෙ Limit Trading ක්‍රමය කියල.
Computer එකෙන් Pending order කියන තැනට යන්නෙ .කොහොමද බලමු.
New Order කියන තැනට ගියාම Window එකක් Open වෙනව. ( පහත රූපය බලන්න) Type යටතේ තමා අපිට Pending Order ගන්න වෙන්නෙ.
එතන Market Execution සහ Pending Order කියන එකෙන් Pending Order දෙන්න.
අපි බලමු Phone එකෙන් pending Order ගන්නෙ කොහොමද කියල.
පහත රූපය බලන්න .එතනත් new Order ගිහිල්ල Market Execution යටතේ දෙන්න.හැබැයි මෙතන pc එකෙ වගෙ Pending order කියල Option එක පෙන්නන්නෙ නෑ.කෙලින්ම අවශ්‍ය Type එක Select කරන්න තියෙන්නෙ.
Pending order වර්ග 4 තියනවා .අපි එකින් එකට බලමු මේ 4 ගැන .
Buy Stop
Sell Stop
Buy Limit
Sell Limit
Buy Stop
Buy Trad එකක් කියන්නෙ ඉහලට යන එකට කියල කිවුවනෙ .ඒ කියන්නෙ යම්කිසි Currency pair එකක් තිබෙන මිලෙ ඉදල ඉහලට යනව කියල හිතල trad එකක් දානවනම් ඒකට කියනව buy එකක් කියල.
ඉතින් අපට මේක ඉහල යයිද කියල හරියටම sure එකක් නැතිනම් අපිට පුලුවන් ඉහත රූපයෙ විදියට Buy Stop එකක් දාල තියන්න.මේකෙන් වෙන්නෙ Market එක Buy වෙලා උඩට යනකොට අපි දාපු Pending Order එක ගනුදෙනුවක් විදියට ම Active වෙන එක.
Sell Stop
මේකෙන් වෙන්නෙ buy stop එකෙදී උන එකෙ අනිත් පැත්ත. market එක sell වෙන්න හැදුවත් අපට sure එකක් නැතිනම් අපිට පුලුවන් තව ටිකක් පහලින් Sell stop එකක් දාල තියන්න.එතනට ආවොත් පමනයි Trad එක Open වෙන්නෙ .
Buy Limit
මෙතැනින් වෙන්නෙ කලින් කියපු ඒවට විරුද්ද ඒව.ඒ කියන්නෙ කලින් කිවුවෙ Market එක run වෙනකොට අපි දාපු trad එකත් අරගනම යන එකනෙ.
Buy Limit එකෙදී වෙන්නෙ Market එක යන පැත්තට නොයා අනිත් පැත්තට කොතනින් හරි හැරිල එයි කියල හිතල Trad එක දාන එකට තමා Buy Limit කියල කියන්නෙ.
Sell Limit
මෙතැනින් වෙන්නෙත් Buy Limit එකෙදී උන දේම තමා . Market එක හැරිල පහලට එයි කියල හිතල දැන් තිබෙන තැනට වඩා උඩින් Trad එකක් දාල තියන එකට තමා sell Limit කියල කියන්නෙ.
දැන් අපි Trad කරන්න දන්නවා.ඒ වගේම Trading ක්‍රම දන්නවා.ඊලග ලිපියෙන් එකෙදී ඇහෙන සහ දැනගන්න අවශය වන
pip , lots ,Leverage Margin ගැන දැනගනිමු.
Stay On Top Of The Loop With All The Latest Updates