Deposit & withdraw

sdyxm

අපි දැන් demo account එකක් open කරලනෙ ඉන්නෙ.මෙක නිකන් තියල වැඩක් නෑනෙ.අපි බලමු මේකෙන් trade කරන විදිය බලමු.

Phone එකෙන් සහ pc එකෙන් කරන විදිය වෙනම දාන්නම් .
අපි මෙතැනින් මූලිකව බලමු trad එකක් දාන විදිය ඊට අයත් අනිකුත් විස්තර .



Sell & buy

අපිට trad ( ගනුදෙනු )  කරන්න ගන්නකොටම ඇහෙන වචනෙ තමා  buy & sell .අපේ සමාජයෙත් මෙම වචනෙ ඇහෙනව.ඕක අපි දන්න විදියට  කියවෙන්නෙ යමක් මිලට ගැනීම සහ විකිනීම.
Forex trading වලත් මේක එහෙමම තමා.
නමුත් මෙහි ඇති විශේෂත්වය නම් අපිට මිල ඉහල ගියත් පහල ගියත් මෙහි ලාබ ගැනීමට හැකිවීමයි.




Buy trad එකක් කියන්නෙ මොකද්ද 

අපි forex trading වල කරන්නෙ මුදලේ අගය වෙනස් වීම මත ගනුදෙනු කරනනෙ කියල දැන් දන්නවනෙ( වෙනත් දේවල් තියනව අපි මූලිකව කරන්නෙ මුදල් ගනුදෙනු ) 
Buy trad එකක් කියන්නෙ මිල ඉහල යාමට.
යම්කිසි currency pair එකක් වර්තමාන මිලෙ සිට ඉහලට යනවනම් අපි කියනව buy වෙනව කියල.
එම ඉහල යාම සමග අපි යම්කිසි මුදල් යුගලයක් buy කරනවනම් ඒකට කියනව buy trad එකක් කියල.

Sell trad එකක් කියන්නෙ මොකද්ද 

මිල ඉහල යාමට buy කියනව වගේ මිල පහල යාමට කියන්නෙ sell කියල.
 මිල පහල යන විට sell  එකක් open කරොත් ඒකට කියනව sell trad එකක් කියල.

Trad එකක් දාමු

හොදයි trad එකක් දාන්න අවශ්‍ය මූලික කරුනු දැන් දන්නව.
අවශ්‍යතා 2 තියෙන්නෙ එක්කො buy එක්කො sell ඔය දෙකනෙ.(හැබයි මේක සූදුවක් නෙමේ හරිද)
 දැන් අපි බලමු trad එකක් open කරන්නෙ කොහොමද කියල.
මේක phone එකෙන් සහ pc එකෙන් කරන විදි වෙනස් .ඒක වෙන වෙනම ලිපි දෙන්නම්.
නමුත් වෙන්නෙ එකම දේ නිසා අපි ඒකෙන් වෙන්නෙ මොකද්ද කියල බලමු.

Trad එකක් open කරන්න මුලින්ම New Order කියන තැනට යන්න එහෙම ගියාම පහත විදියට windows එකක් එයි.

එතනින් buy හෝ sell දුන්නම sound එකක් එක්කම trad එක open වෙනව.

Trad එකක් open කරද්දි සැලකිය යුතු කරුණු 

දැන් ඉස්සරවෙලා කිවුවනෙ New Order කියන තැනින් අපිට ලේසියෙන්ම ගනුදෙනුවක් විවෘත කරන්න පුළුවන් කියල.
නමුත් එම ගනුදෙනුව විවෘත කරද්දි බැලිය යුතු මූලික කරුණු ටිකක් තියෙනව.අපි බලමු ඒ ටික

පහත රූපයෙන් එම කරුණු ඉගනගම්මු.

1 lots siz එක බලන්න ඕන .ඒක ඉතා වැදගත් ( lot පිලිබද පාඩමෙන් ඒ ගැන වැවැඩිදුර ඉගෙනගන්න පුළුවන් ) අපිට දාන්න පුළුවන් අවම ලොට් ප්‍රමාණය 0.01 වැඩිම lot ප්‍රමාණය broker අනුව වෙනස් .ඒ උනත් වැඩිම ගාන අපිට වැදගත් නෑ.මොකද ඒ ගාන අපිට දාන්නම් අපේ account balance එක කෝටි ගානක් තියෙන්න ඕන නිසා.
අපි බලමුකො පොඩි ගානෙ ඉදල නේද.

එතනින් ලොට් සයිස් එක අපිට අවශය ප්‍රමාණයට දාන්න මතක තියාගන්න ඕන .demo account එකක නම් මේක අමතක වෙලා වැඩි ගානක් දැමුනට අවුලක් නෑ.මොකද trad කරන්නෙ බොරු සල්ලි නිසා.

 නමුත් අපි අපේ සල්ලි දාල trad කරද්දි අනිවාර්යයෙන් බැලිය යුතු ස්තානයක් තමා lot siz එක.

හරි මම දැන් මගෙ demo එකෙන් 0.01 gbpusd currency pair එකෙ trad  එකක් open කරා .පහත රූපයෙන් බලන්න.

Newsletter

Stay On Top Of The Loop With All The Latest Updates

Subscription Form